ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කෝවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කල බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරිම සදහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.
මිනුවන්ගොඩ කෝවිඩ් කමිටු රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය. මිනුවන්ගොඩ කොවිඩ් කමිටුව මිනුවන්ගොඩ ප්‍රා දේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පළමුවන, දෙවන සහ තුන්වන මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන් පූර්ණ එන්නත්කරණ පුද්ගලයන් ලෙස සැලකෙන බවත් රට නැවත වසා දැමීමට නොහැකි බැවින් කෝවිඩ් පැතිර යාම වැළැක්වීම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගැනිමට රජයට සිදුව ඇති බවත්, පෙන්වා දුන් ඇමතිවරයා රජය එම තින්දු ගන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව බව ද කීවේය.
මෙම රැස්විම සදහා මිනුවන්ගොඩ ප්‍රා දේශිය ලේකම් තනුජා රාජකරුණා, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.