ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනෙකු ඉකුත් 28 වෙනි සිට අතුරුදහන් බවට පැමිණිලි ලැබී ඇති බව ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන සදහන් කරයි.
අවුරුදු 16 සහ 18 වයසේ පසුවන 11 වෙනි ශ්‍රේණිය හා 12 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු මෙලෙස අතුරුදහන්ව ඇති අතර ගම්පහ නගරයේ පාසල් සිසුවිය පාසල නිමවී යන විට අතුරුදහන්ව ඇති බවත් අනෙක් සිසුවිය එදින පාසල් නොගොස් වෙනත් පාසලකට යන බව නිවසට පවසා ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
වැලිවේරිය සහ ගම්පහ අස්ගිරිය ප්‍රදේශයන්හි මෙම දෙදෙනා පදිංචි අතර අස්ගිරිය පදිංචි සිසුවිය සීදුව ප්‍රදේශයේ තරුණයෙකු සමග සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට සහ එම තරුණයාද නිවසෙහි නොමැති බවට තොරතුරු ලැබී ඇති බවත් ගම්පහ පොලීසිය පවසයි.
මෙම සිසුවියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේත් වැලිවේරිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතාගේත් අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදු කෙරේ.
තිලකරත්න දිසානායක