ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්
ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 5,475 දෙනෙකු වාර්තා වී ඇති බවත් , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 82,933ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
අද දින වාර්තා වී ඇති රෝගීන් අතරින් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 23 දෙනෙකු ද , වත්තල කොට්ඨාසය තුළින් 19 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසයෙන් 15 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසයෙන් 10 දෙනෙකු ද , දිවුලපිටිය කොට්ඨාසය තුළින් 09 දෙනෙකු ද සිටින බව වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .
එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා තුළින් අද දින කොරෝනා ආසාදිත සේවකයින් 26 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙවැනි කර්මාන්තශාලා 79 ක සේවය කරන සේවකයින් 494 දෙනෙකු මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .
මේ අතර කටුනායක සීදුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරුවරුන් , ප්‍රදේශයේ වෙළෙදාම් පොළ වල සිටි වෙළදුන් සහ ව්‍යාපාරික ස්ථාන වල සිටි සේවකයින් යොදා ගනිමින් අහඹු පී.සී.ආර්.පරීක්ෂණ 100 ක් පමණ සිදු කළ බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය .
popular news
-
Demuni Uduwara Thursday, 03 December 2020 09:33 PM
Does it belong to Minuwangoda cluster?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

