කොවිඩ් මර්දනය සදහා රජය මගින් ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට ඉක්මවූ වැඩිහිටියන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කරයි.
කොවිඩ් රෝග තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මේ වනවිට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2,49,223 කු හට එන්නත ලබා දීම සිදු කොට ඇති අතර ඉන් වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට ලබාදීමට හැකිව ඇත්තේ සියයට 40 ක පමණ පිරිසක් සදහා වන බවත් මෙහිදී අනාවරණය විය.
මෙහිදී දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා සදහන් කර සිටියේ , කොවිඩ් - 19 රෝගය වැළඳී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිශ්චිත ස්ථානයක් මේ වන විට හඳුනාගෙන නැති බවත් ඉදිරි කාලයේ පවතින උත්සව සමයත් සමග අභියෝග රැසක් පැන නැගිය හැකි බවත්ය.
කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භ වූ ඉකුත් ඔක්තෝම්බර් මස 4 වෙනි දින සිට ආසාදිතයින් 18,035 ක පමණ පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් බව සදහන් කළ වෛද්‍ය සමරවීර මහතා, ඉන් වැඩිම සංඛ්‍යාවක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද, අවම සංඛ්‍යාව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද හඳුනාගෙනඇති බවද ප්‍රකාශ කළේය.
මේ අතර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කර සිටින්නේ, අවුරුදු උත්සවයත් සමග ජනතාව ගම් බිම් බලා යාම හේතුවෙන් ඊළඟ කොවිඩ් රැල්ලක් මතු විය හැකි බැවින් මෙම අවුරුදු සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාකිරීම ඉතා අත්‍යාවශ්‍ය බවය.
ගම්පහ තිලකරත්න දිසානායක