කොරෝනා වසංගත තත්ත්වය යටතේ සේවයෙහි නිරත හෙද හෙදියන්ට විශේෂ නිවාඩු සහ ආරක්ෂිත පහසුකම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (22) උදෑසන 7 සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු මත සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටියහ.
සේවාවට වාර්තා නොකලද මානුෂිකව සලකා දැඩි සත්කාර ඒකක ඇතුළු හදිසි ප්‍රතිකාර සදහා සිවිල් ඇදුමින් සැරසී හෙද කාර්ය මණ්ඩලය කටයුතු කරන බව පැවසූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ ශාඛාවෙහි ලේකම් හේම කාන්ති අත්තනායක මහත්මිය , මීට රෝහලෙහි 450 ක් පමණ වන සමස්ත හෙද කාර්ය මණ්ඩලයම එක්ව සිටින බවද කීවාය.
අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා මාස දෙකක පමණ කාලයක් ආයතන මට්ටමින් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මෙන්ම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් ඉදිරිපත් කොට ඇතත් විසදුමක් නොලැබුන බවද ලේකම්වරිය ප්‍රකාශ කළාය.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , හෙද හෙදියන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනද රෝහලෙහි සෑම අංශයක්ම උපරිමව පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බවය.
ගම්පහ තිලකරත්න දිසානායක.