ගමන් බිමන් යාමේදි අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි සුදුසු ලේඛණයක විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත වැනි ලේඛණයක් ළඟ තබා ගැනීමෙන් පත්වන අපහසුතාවයන්ගෙන් වැළකීමට හැකි බව මහජනතාවට දැනුම් දෙන බව පොලීසිය පවසසයි.
තලංගම පොලිස් වසමේ සිදුවූ සිදුවිම පිළිබඳව පැහැදිලි කිරිමක් කරමින් පොලීසිය මේ බව පවසයි. ඒසේම යම් පුද්ගලයෙකු සේවයේ යොදවා ගන්නේ නම් එම පුද්ගලයා සම්බන්ධයෙන් අනන්‍යාතව තහවුරු කර ගැනිමඅවශ්ය සුදුසු ලේඛන ළඟ තබා ගැනීම සේවයේ යොදවන්නාගේ මෙන්ම සේවකයාගේ ආරක්ෂාවටද ඉතාමත් වැදගත් බව පොලීසිය පවසයි.
