මෙරට රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය සහ ඒ තුළින් ජනතාව ලබා ගන්නා සේවා පිළිබඳව ජනතාවගේ තෘප්තිමත්භාවය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකළ සමීක්ෂණයකදී එම රාජ්‍ය නිලධාරීන්ගේ සේවාව පිළිබඳබෙහුතර ජනතාව අතෘප්තියෙන් පසුවන බව හෙළිවී තිබේ.
මෙම සමීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන මහාචාර්ය වසන්ත අතුකෝරල සහ මහාචාර්ය මාලක රණතිලක යන ආචාර්යවරුන් විසින් ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් ආවරණය වන පරිදි පුරවැසියන් 1000ක් සමග මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) සිදුකර තිබිණි.
ඒ අනුව ගමට සේවා සපයන නිලධාරීන් වන ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ප්‍රජා පොලිස් නියාමක සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් පිළිබඳව ජනතාවගේ තෘප්තිමත්භාවය පිළිබඳව ඔවුන් විසින් යොමුකරන ලද ප්‍රතිඵල අනුව පැහැදිලි වනුයේ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සේවාව පිළිබඳව 60%ක් මහජනතාව සෑහීමකට පත්නොවන බවයි.
එමෙන්ම සමෘද්ධි නිලධාරීන්ගෙන් 79%ක්ද, සංවර්ධන නිලධාරීන්ගෙන් 72%ක්ද, ප්‍රජා පොලිස් නිලධාරීන්ගෙන් 79%ක් හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගෙන් 80%ක්ද සෑහීමකට පත්නොවන බව මෙම සමීක්ෂණයේදී පැහැදිලි වන බව මහාචාර්යවරයා සඳහන් කරන ලදී.
තවදුරටත් මහාචාර්යවරයා සඳහන් කළේ, මහජනතාවට මෙම නිලධාරීන් හමුවීමට ඇති හැකියාව ගැන සොයා බැලීමේදී ග්‍රාම නිලධාරීන්ගෙන් 47%ක්ද, සමෘද්ධි නිලධාරීන්ගෙන් 71%ක්ද, සංවර්ධන නිලධාරීන්ගෙන් 70%ක්ද, ප්‍රජා පොලිස් නිලධාරීන් 74%ක්ද, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් 79%ක්ද මහජනතාවට හමුවීමට අමාරු වන බවයි.
තවද නිලධාරීන් මෙම නිලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමේදී දුරකථනවලට උත්තර දීමේදී ග්‍රාම නිලධාරීන් 47%ක්, සමෘද්ධි නිලධාරීන් 70%ක්, සංවර්ධන නිලධාරීන් 69%ක්, ප්‍රජා පොලිස් නිලධාරීන් 74|%ක් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් 77%ක් ජනතාව හමුවීමට ඉඩ ලබා නොදෙන බවයි. මෙලෙස සේවය කරන මහජනතාවගේ බදු මුදල්වලින් යැපෙන නිලධාරීන්ගෙන් ගමට ලැබෙන සේවය ඉතාමත් පහත් තත්ත්වයක පවතින බවද මහාචාර්යවරයා සඳහන් කරන ලදී.
චන්දන සමරවික්‍රම