ගෝලීය ව්‍යසනයක් බවට පත්වී ඇති COVID 19 තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපෑමක් ගෙන දුන් අවස්ථාවක බස්නාහිර පළාතේ වෛරසය ආසාදිත යැයි සැක කෙරෙන ගැබිනි මවුවරුන් රැකබලා ගැනීම සහ ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල (නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කරන ලදි.
ඒ අනූව රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහල නැංවීම සදහා නාවික හමුදාව විසින් විශේෂිත වූ භෞතික සම්පත් කිහිපයක් ලබා දෙන ලදී.
එම භෞතික සම්පත් අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් රෝගීන් රැකබලා ගැනීමේ කටයුතු ඩිජිටල් කැමරා තාක්ෂණය හරහා ලබාදීම, රෝගීන් සදහා අවශ්‍ය ඖෂධ ඇතුලු අනිකුත් සැපයුම් ලබාදීම හා ඔවුන් සමග සන්නිවේදනය සදහා දුරස්ථපාලක මගින් මෙහෙයවනු ලබන නවීන වාහනයක් ( රොබෝ මෙවලමක්) හදුන්වා දීම, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ස්වයංක්‍රීය ජීවානුහරණ කුටීරයක් ලබාදීම, රෝහල තුල භාවිත වන සියලුම උපකරණ සහ ඇදුම් පැළදුම් ජීවානුහරණය කිරීම සදහා අධි තාප කුටීරයක් ලබාදීම, රෝගීන් යන එන මාර්ග පද්ධතිය අධෝරක්ත කිරණ (UV) ආධාරයෙන් ජීවානුහරණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම, රෝගීන් ප්‍රවාහනය කරන අවස්ථාවන්හි දී සෙසු කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීම සදහා (අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රමයක් - Alarm System) ක්ද විය.
නාවික හමුදාව විසින් ලබාදුන් මෙම භෞතික සම්පත් හා සේවාවන් නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට පැමිණි අතර මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, රෝහලේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා, රෝහල් අධ්යක්ෂ වෛද්‍ය නිකෝ ජයසේකර මහතා, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්වරුන්, සබරගමුව පළාත් සභාවේ සභාපති සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.