නඩුවක් විමසන අවස්ථාවේ උසාවියේ විත්ති කූඩුව තූලදීම පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පැවති පෙරට්ටුවේදී කිසිදු සාක්කිකරුවකුට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය.
ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබු අවස්ථාවේ අ`ථත්කඩේ අංක 05 උසාවි ශාලාවේ ඇති සිරකුටියේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පැවති පෙරට්ටුවට සාක්කිකරුවන් ලෙස ඉදිරිපත් කළ අතර පෙරට්ටු පෙළ පරීක්ෂා කළ ඔවුන් තමන්ට සැකකරු හඳුනා ගැනීමට නොහැකි බව දැනුම් දී ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (04) පස්වරුවේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී එහි සාක්කිකරුවන් ලෙස ඉදිරිපත් කළ සාක්කිකරුවන් එසේ දැනුම් දී ඇත.
ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබු බව කියන මේ වන විට බුස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා සිටින සමිදු දිල්ෂාන් නමැත්තා පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර හා විශේෂ කාර්්‍ය බළකා නිලධාරීන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන පැමිණියහ.
හඳුනා ගැනීමේ පෙරට්ටුව ආරම්භ වු අවස්ථාවේදී සාක්කිකරුවන් දෙදෙනා වෙන වෙනම පෙරට්ටු ශාලාවට ඉදිරිපත් කළ අතර පෙරට්ටු පෙළ පරීක්ෂා කළ ඔවුන් තමන්ට සැකකරු හඳුනා ගැනීමට නොහැකි බව දැනුම් දුන්හ.
පෙරට්ටුව අවසන් වීමෙන් අනතුරුව සැකකරු ලබන 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එදින සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පෙනී සිටිි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් සමඟ නීතිඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියේය.