ලෝක බැංකුවේ ණය ආධාර මත ජල සම්පාදන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජල සම්පාදන සහ සනිපාරක්ෂක ව්‍යාපෘතිය මගින් රු මිලියන 72 ප්‍රතිපාදන යටතේ ගිනිගත්හේන ජම්බුතැන්න ප්‍රදේශයේ ඉදි කල ජල යෝජනා ක්‍රමය වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා විසින් ඊයේ දින ජනතා අයිතියට පත් කෙරිණ.
අඹගමුව ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන ජම්බුතැන්න ප්‍රදේශයේ පවුල් 300 කට ආසන්න පිරිසක් කාලයක් තිස්සේ පානිය ජලය ලබා ගැනිමට නොහැකිව දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.
වත්මන් රජයේ ජල සම්පාදන සහ සනිපාරක්ෂක ව්‍යාපෘතිය මගින් එම ගම්මානයට පිරිසිදු පානිය ජලය ඒ තුලින් ලැබෙනු ඇත.
ජල යෝජනා ක්‍රමය විවෘත කිරිමේ අවස්තාවට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.