ඌව පළාතේ පොලීසිය විසින් මේ වසරේ ඉකුත් කාලය තුළ කරන ලද වැටලීම් වලදී බලපත් නොමැති ගිනිඅවි 65 ක් හා සැකකරුවන් 58 දෙනෙක් අත්ඩංගුවට ගෙන ඇතැයි ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය .
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගිනිඅවි 43ක්ද මොණරාගල දිස්ත්‍රික්කයෙන් ගිනිඅවි 22 ක්ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
පතොරම් තුවක්කු බදින තුවක්කු හා බෙහෙතේ කොටන තුවක්කු අත්අඩංගුවට ගත් තුවක්කු අතර වන බවඳ සඳහන් කළේය .
සැකකරුවන්ගෙන් බහුතරයක් හේන් ගොවීන් බව විමර්ශන වලදී අනාවරණය වු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය .
ඔවුන් පොලීසියට පවසා ඇත්තේ වනසතුන්ගෙන් සිය වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගිනිඅවි යොදාගන්නා බවයි.
කෙසේ නමුත් මෙම ඇතැම් පතොරම් තුවක්කු හා බෙහෙත් කොටන තුවක්කු සතුන් දඩයම් කිරිමට යොදාගෙන ඇති බවත් බදින තුවක්කු සතුන් ඉලක්කකර අටවා ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ අතර බදින ලද තුවක්කුවලට බිලිවී ඒවා ඇටවු අය මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජියන් මියයාම හෝ බරපතල තුවාල ලැබීමේ අවස්ථා තිබූ බවත් පළිහක්කාර මහතා පැවසීය .
මෙම සැකකරුවන්ට දඩනියම කිරිම හා අත්හිටවු සිරදඩුවම් නියම කිරීම මහේස්ත්‍රාත් අධිකරණ වලදි සිදුකර තිබේ .