ගිනි අවියක් සමග ඇමෙරිකානුවෙක් කටුනායකදී අත්අඩංගුවට
ගිනි අවියක් තම ගමන් මල්ලේ සගවා ගෙන ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගෙන යෑමට තැත් කළ එරට ගුවන් මගියෙකු ඊයේ (09දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
මොහු 56 හැවිරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකි . ඔහු කොළඹ , වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සිය මවගේ සුව දුක් බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ , ආපසු යන ගමනේ දී තම පියාට අයත් බෝර 12 වර්ගයේ තුවක්කුව ද රැගෙන ගොස් තිබේ.
කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ එක්ස් කිරණ යන්ත්‍රයේ රාජකාරීයේ නියැලී සිටි ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරීන් 05 දෙනෙකු සහ එම නිලධාරිනියන් 03 ක් , එම යන්ත්‍රය යොදා ගනිමින් ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කරමින් සිටියදී , මෙම ගුවන් මගියාගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ තුවක්කුව අනාවරණය කරගෙන තිබේ.
පසුව මෙම ගුවන් මගියා සහ ඔහු නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට තැත් කළ තුවක්කුව ද වැඩිදුර පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ .
ටී.කේ.ජී. කපිල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
