හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 08 දා පැවැත්වෙන දේශපාලන රැළියකට එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව මහනුවර පොදු වෙළඳ සංකීර්ණයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.
මෙම රැළියට හිටපු ආරක්ෂක ලේකම්වරයා එක්විමට නියමිතව තිබේ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුද මෙම රැස්වීමට එක්විමට නියමිතය.