ගෝඨා සිංගප්පූරුවට
වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළින් ඔහ ඇතුළු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගියහ. මෙම පිරිස යළිත් අනිද්දා (12දා) දිවයිනට පැමිණීමට නියමිතය.
වෛද්‍ය පරීක්ෂණයකට එක්වීම සඳහා විදෙස් ගතවීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගියදා අධිකරණයෙන් අවසර ලැබීය.
කටුනායක ටී.කේ.ජී.කපිල

-
Dayan Thursday, 10 October 2019 02:52 PM
. මේ රටේ වෙදකම් හොඳ නැති නිසා, මෙතුමා ජනාධිපති උනොත් ලංකාවේ සේරම ලෙඩ්ඩු සින්ගපූර් යවනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
