නැගෙනහිර ජීවත්වෙන සිංහල දෙමළ සමගිය විනාශ නොකරන ලෙසට තමන් ගජේන්ද්ර පොන්නම්බලම් මන්ත්‍රිවරයා ඇතුලු ද්‍රවිඩ ජාතික සන්ධානයේන් ඉල්ලා සිටින බව මඩකලපුව මංගලාරාධිපති අම්පටියේ සුමනරතන හිමියන් පැවසූහ.
උන් වහන්සේ එසේ පැවසුවේ මඩකලපුව කෙවිලියා මඩුව විහාරස්ථානයේදි පැවැති මාධ්‍ය හමුවකදිය.
“පසුගිය දවසක ගජේන්ද්ර පොන්නම්බලම් මන්ත්‍රිතුමා මඩකලපුව කෙවිලියා මඩුව ගම්මනායට යන්න ආවා. ඒකට අපි සහ ජනතාව විරුද්ධ වුණා.
ඒක ට හේතුව තමයි අපේ සිංහල ජනතාව වසර ගනනාවක සිට දිව්ලපොතාන ගම්මනායේ වගා කටයුතු කරනවා. මේ වගාවන් කරන එකට සානික්කයම් මන්ත්‍රිවරයා විරුද්ධයි .එයා කියන්නේ දෙමළ ජනතාවගේ හරක් දාන්න මේ ඉඩම් දෙන්න කියලා නමුත් වසර ගනනවාක් තමන් ජීවත් උන ඉඩම් හරක් බලන්න දුන්නාම අපේ සිංහල මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ඒකට තමයි අපි පහුගිය කාලේ මේකට විරුද්ධව කතා කරේ.
ගජේන්ද්ර මන්ත්‍රිවරයා යාපනය ඉදන් දිව්ලපතානට එන්නේ මෙතැනත් ජාතිවාදය ඇති කරන්න මම තිස් වසරක යුද්ධය තියෙන කොටත් හිටියේ මඩකලපවු පන්සලේ මාව බලා ගත්තේ මේ හිටපු දෙමළ වැසියෝ ඒ අය අපිව ආරක්ෂා කරා ඒකයි කරදරයන් නැතුව ඉන්න පුලවන් උනේ .
ඉතින් එදා ඉදන් මම දෙමල අය සමග හිටියා ඒ අය අපි සමග හිටියා ඔවුනගේ දුකට සැපට අපි උදව් කරා . දැන් මේ පොලන්න්ම්බලම් මන්ත්‍රිවරයා මඩකලපුවට ඇවිත් කරන්න හදන්නේ සිංහල සහ දෙමළ අය එක්ක වෛරයක් ඇති කරන්න.
මේ තත්වය මත මම රටේ පාලකයින් ගෙන් ඉල්ලිමක් කරනවා මේ වැඩෙි වැරැදියි දෙමළ මුස්ලිම් ජනතාව කියන්නේ මගේ දායක පිංවතුන් මම කාලයක් එක්ක ඒ පිංවතුන් එක්ක වැඩකල කෙනෙක් මඩකලපුව ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව නැති නිසා.
අපි අතරේ තියෙන මේ සමගිය නැති කරන්න ටී.එන්.ඒ. මන්ත්‍රිවරු කරන වැඩේට අපි විරුද්ධයි.මේ අය උතුරෙත් නැෙගනහිරත් ජාතික සමගි නැති කරන ක්‍රියාකාරකම් සිදු කරනවා.ඒ තුලින් රටේ තියෙන ජාතික සමගිය එකමුතුකම විනාශ වෙලා යන නිසා ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.අතීතය මතක තියෙන මිනිස්සු කවදාවත් මේ වගේ ප්‍රශ්ණ ඇති කරන්නේ නැහැ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පිල්ලයාන් මන්ත්‍රිතුමා ඉන්නවා ,වියාලේන්ද්‍රන් මන්ත්‍රිතුමා ඉන්නවා මුස්ලිම් මන්ත්‍රිවරු ඉන්නවා ඒ අය කවදාවත් ජාතිවාදි ඇති වෙනවිදියට කතා කරේ නැහැ .
රටේ ජනතාව දන්නවා පසුගිය සවස්වල පොතුවිල් උන සිදුවීම ඒ වගේ උතුරේ කුරින්දි විහාරයට හමුදාවට ඇතුල්වෙන්න දෙන්නේ නැතුව,සංහල ජනතාවට කුරින්දි විහාරයට ඇතුල්වෙන්න දෙන්නේ නැතුව ඔහුගේ ජනතාව ඒකරාශි කරගෙන විවිධ බලපෑම් සිද්ධකරා.ඒ කරපු දේවල් රටේ ජනතාව දන්නවා.
උතුරේ එහෙම කරලා සිංහල ජනතාව පදිංචි පැති වලට ඇවිල් මොකක්ද කරන්නේ කියලා තමයි අපි අහන්නේ මේක රටේ ජාතික ආරක්ෂාවටක් රටේ යහ පැවැත්මටත් බරපතල ගැටලුවක් වෙනන් පුලුවන් ඒ ක අපි දකින නිසා මේ පිලිබදව අපිට දිගින් දිගටම කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා.
අපි මේවට කතා කරලා තමයි අසංවර භික්ෂුන් වහන්සේලා හැටියට හදුන්වලා තියෙන්නේ .අපි රජයට කියන්නේ මේ වගේ දේවල් දිගින් දිගටම කරන්න දෙන්න එපා මොකද අපේ රට යම් අර්බුදයක තියෙන් අවස්ථාවක් මේක මේ අතරේ තවත් අර්බුද ඇති කරොත් අපේ රට විනාශ වෙලා යනවා. රට අවුලෙන් අවුලට යනවා .ඒක නිසා මේ පිලිබදව රජයේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.”