දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්රි කුමාර් පොන්නම්බලම් මහතා යාපන මර්දන්කර්නි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් එහි දී ඇති වු සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වර්තාවක් කැඳවා ඇත.
මෙම සිද්ධියෙන් දී ගජේන්ද්රකකුමාර් පොන්නම්බලම් විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමට තැත්කරනු හා ප්රචණ්ඩ ලෙස හැසිරුනු වීඩියෝවක්ද සමාජ ජාලවල ප්‍රචාරය විය.
ගජේන්ද්ර්කුමාර් පොන්නම්බලම් මෙලෙස හැසිරුණේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්දන්කර්නි ප්‍රදේශයේ දී විභාග මධ්‍යස්ථානයක් ආසන්නයේ පසුගිය (2) දින සිකුරාදා ජනතාව සමගි ඒකරාශි වී හමුවක් පවත්වමින් සිටින අවස්ථාවකදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සාමාන්‍ය ඇදුමෙන් එම ස්ථානයට ගොස් තොරතුරු සෙවීමේ දී මන්ත්‍රිවරයා ඇතුලු පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දීමට තැත්කර විරෝධය පා ඔවුන් සිය ග්රහනයට ගෙන තිබුණි.