ගංවතුරින් මිනිසුන් බේරාගත් යුද හමුදාව මුලතිව්හි කැඩුනු වැව් හදයි
මුලතිව් දිස්ත්රීක්කයට බලපෑ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් කැඩී ගිය මුලතිව් උදයාර්කට්ටුකුලම් වැවේ වාන යුද හමුදා සෙබළුන් විසින් පිළිසකර කිරීම අද (27) දිනයේදීද සිදුකරමින් සිටිති.
මේ අනුව වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මුලතිව්හි කැඩී ගිය කයිවේලි මරඳමඩු වැව, සින්නසම්බාල්කුලම් වැව, කල්ලුකුලම් වැව ඇතුළු කුඩා වැව් කිහිපයක් නැවත පිළිසකර කිරීමේ කටයුතු යුද හමුදාව විසින් මේ දිනවල සිදුකරමින් සිටිති.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්යන්ත රාජගුරු මහතාගේ පූර්ණ අධීක්ෂණයන් යටතේ 68 වන සේනාංකයට අයත් බලසේනාවන් විසින් කැඩී ගිය වැව් පිළිසකර කිරීම ආරම්භ කොට ඇත.
ගංවතුර හේතුවෙන් මේ වනවිටත් මුලතිව් දිස්ත්රීක්කයේ ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර, වැලිඔය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 8282 කට අයත් පුද්ගලයින් 26,815 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාස හානි 85ක් හා අර්ධ නිවාස හානි 1754ක් වාර්ථා වී ඇත.



popular news
-
Champa Thursday, 27 December 2018 05:57 PM
අනේ හරිම හොඳ වැඩක්. දේශපාලකයෝ ළදරු ගී කියා කියා ඉන්න කොට හමුදාව විපතට පත් ජනතාව වෙනුවෙන් තමන්ට තියෙන වපසරියටත් එහා ගිහින් ලොකු සේවයක් කරනවා. හරිම ආඩම්බරයි. කාලගුනේ කියනව අනිත් පළාත්වලටත් වහියිලු. ස්වභාවික විපත් වලදී උතුරටයි දකුනටයි දෙකටම හමුදාවේ පිහිට විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
