කලවාන බටමණ්ඩිය ප්‍රදේශයේදී ගංජා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය අංශයට ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කල බව සඳහන් කරන කලවාන පොලිසිය පොලීසිය පවසනුයේ සැකකරු ගංජා සුරුට්ටු වශයෙන් සකස්කර සැකකරුගේ නිවස ආසන්නයේ ඇති පාසලක දරුවෙන් වෙත අලෙවි කරන බවයි
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර ජේස්ථ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් , කලවාන පොලිසියේ වැඩ බලන පොලිස් පරීක්ෂක එස් . රණතුංග මහතාගේ මෙහෙයුම් මත , උප පොලිස් පරීක්ෂක ගුණතිලක , පොලිස් කොස්තාපල් රියදුරු (34631) ජයසිරි , කාන්තා පොලිස් පරීක්ෂක (5486) නිරෝෂිකා යන නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කලවාන - උපේන්ද්‍ර
