ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි.
පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය සදහා වූ ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ නිවේදනය කළේය.
නව බලපත්රලාභීන්ට බලපත් ලබාදීම හා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම හා බෙදාහැරීම සඳහා පාර්ශ්වයන් තෝරාගැනීම පිණිස ප්රතිපාදන සැලසීම මෙම සංශෝධනයේ අරමුණයි.
මේ අනුව, 2022 අංක 27 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ලෙස මෙම සංශෝධිත පනත අද (21) සිට බලාත්මක වේ.