කෝවිඩ් ආසාදිත මළ සිරුර එම්බාම් කර නිවසට
කෝවිඩ් ආසාදිත කාන්තාවකගේ මළ සිරුරක් ඥාතීන්ට මුදාහැර නිවසේ තැන්පත් කර තිබියදී අද (20දා) නැවත රෝහලට රැගෙනවිත් , නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදුකර ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අදාළ මළසිරුර එම්බාම් කල කළුතර මල් ශාලාවක සේවකයින් සහ නිවැසියන් ඇතුළුව 12 දෙනකු නිරෝධායනය කිරීමට කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය කටයුතු කර තිබේ.
පොතුවිල ,මහ ගම්මැද්ද ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක පසුගිය (18දා) මියගොස් ඇති අතර , ඇයගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට මත්තෙන් මෘත දේහය ඥාතීන්ට භාරදී තිබේ .
අද (20දා) උදෑසන ලැබී ඇති පීසීආර් වාර්තාවට අනුව ඇයට කෝවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ .
එබැවින් වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර් යය මණ්ඩලය කළුතර සෞඛ්‍යය වෛද්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අදාල අවමගුල පැවැත්වෙන නිවසට යොමුකර දේහය නැවත රෝහලට රැගෙන ඒමට ක්‍රියාකර නිරෝධායන නීතියට අනුව කළුතර ප්‍රාදේශීය සභාවේ පොතුවිල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකර තිබේ .
පානදුර සුමිත් ප්‍රේමතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

