පාර්ලිමේන්තුවේදී රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය මේ මස අවසානය වන විට විපක්ෂයට ලබා දෙන බවට ආණ්ඩු පක්ෂය සඳහන් කළ බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා අද පුවත්පතට පැවසීය.
දැනට කෝපා කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතා ආරම්භ කර ඇති වැඩ කටයුතු අවසන් කිරීමට කාලය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව හෙතෙම සඳන් කළේය.
ඒ අනුව මෙම මස අවසානයේ කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දුන් පසු ඒ සඳහා නම් කර ඇති සමගි ජන බලවේලයේ පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා කෝපා කමිටුවේ සභාපති ලෙස පත් කරන බවද ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.