කෝප් හා කෝපා මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණයක්
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) වල කටයුතු මාධ්‍ය වෙත නිරාවරණය නොකිරීමට තීරණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය මෙම වැඩපිළිවෙලට විරුද්ධව කටයුතු කරන බව අද (23දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මෙම කාරක සභා හරහා වංචා දූෂණ හෙළි වන බවත්, ඊට බියවී මෙම පියවර ගත්තේද යන්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා,
"අපි දන්නවා අද රාජ්‍ය ආයතන වල, රාජ්‍ය දෙපාර්තමේන්තු වල, මණ්ඩලවල, අධිකාරීවල හොරකම් වංචා ගැන දැනගන්න සාකච්ඡා කරන තැන තමයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සභාපතීත්වයෙන් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව තමයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පැවැත්වෙන්නේ. විගණකාධිපතිවරයා විසින් මේ ආයතන වල සිදුවන වංචා දූෂණ සම්බන්ධව වාර්ථා ඉදිරිපත් කරන්නේ මේ සභා දෙකට. රටේ සිදුවන විශාල වංචා රාජ්‍ය ආයතන වල හොරකම් මේකෙන් හෙළිකරලා තිබෙනවා.
පසුගිය යහපාලන ආණ්ඩුව විසින් මේ රටේ ජනතාවට අයිතිය ලබලා දුන්නා මේවා රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ ඔස්සේත්, මුද්‍රිත මාධ්‍ය ඔස්සේත් මේ වංචා දූෂණ පිළිබඳ දැනගන්න. මේ වංචා දූෂණ සම්බන්ධව හෙළිදරව් කිරීමෙන් මේවා වලක්වන්නත් මේවා පාලනය කරන්නත් ඉවහල් වුණා.
නමුත් අද පාර්ලිමේන්තුවේ මේ කාරක සභා දෙකේම රූපවාහිනියට සහ ගුවන්විදුලියට දෙන එක නතර කරලා තිබෙනවා. ඇයි හේතුව? අද ලංකා විදුලිබල මණ්ඩලයේ විගණන වාර්ථාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. පසුගිය සතියේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා. අද ඒකේ රැස්වීම තිබෙන්නේ. අපි රජයෙන් අහනවා මේ හොරකම් වංචා හෙළිවෙන ඒවා ඇවි වලක්වන්නේ. අපි රජයට බල කරනවා මේ ජනතාවට කෝප්, කෝපා වලින් දැනගන්න තිබුණු අයිතිය ලබා දෙන්න. අපි ප්‍රධාන විපක්ෂය ලෙස මේකට විරුද්දව පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා."

popular news
-
Kumar Thursday, 23 June 2022 03:39 PM
That is best way protect all crooks.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

