පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට මත්තෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය චරිත හේරත් මහතා නව කොප් කාරක සභාව වෙත පත්කර නොමැත.
නව කොප් කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පසුගිය වර පැවැති කෝප් කාරක සභාවලදී ඒහි සභාපති ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා ඉටු කළ කාර්ය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ ප්‍රසාදයක් පැවැතියේය.
"මාස දෙකක ප්‍රමාදයකින් පසු කෝප් සභික ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. පුරෝකථනය කළ පරිදි, මගේ නම ලැයිස්තුවේ නැත. දූෂිත ක්‍රමයකට පක්ෂ හොරු, ඩීල් කාරයන්ගේ දිනයක් බවට අද දිනය පත්ව තිබේ. ආර්ථික අපරාධ පිටුපස සිටි අයට අවශ්‍ය වූයේ මාව ඔවුන්ගේ මාර්ගයෙන් ඉවත් කිරීමයි. ජනපතිගැනත් අගමැති ගැනත් ලැජ්ජා වෙනවා"