ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට(කෝප්) නම් නොකල හිටපු කෝප් සභාපති චරිත හේරත් මහතාගේ නම තමා යෝජනා කරන බවත්, ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ස්ව කැමැත්තෙන් කෝප් කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (04දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාවේ(කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) සභාපති ධුර පත් කිරීම සම්බන්ධයෙන් එකඟත්වය පළ කර තිබෙන යෝජනාවෙන් බැහැරව එම කමිටු සඳහා සභාපතිවරැන් පත් කිරීමට සූදානමක් තිබෙන බවත, මීට පෙර එකඟ වූ පරිදි විපක්ෂය කෝප් සහ කෝපා සභාපති ධුර ලබා දීමට කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අප විසින් යෝජනා කරලා තිබෙනවා හර්ෂ ද සිල්වා මහතා. එතුමා ස්වෙච්ඡාවෙන් එම කමිටුවෙන් ඉල්ලා අස්වෙනවා. ඒ පුරප්පාඩුවට කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ චරිත හේරත් මහතාව අපි යෝජනා කරනවා. ඒ වගේම අවස්ථා ගණනාවකදී මමත්, කිරිඇල්ල මහතාත් ඇතුලුව විපක්ෂයේ පාර්ශවයේ බොහෝ දෙනෙක් කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි කෝපා සහ කෝප් කමිටු වල සභාපති ධුරය විපක්ෂයට ලබා දෙන්න කියලා. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා කබීර් හෂීම් මහතාත්, ඉරාන් වික්‍රමරත්න මහතාත් ඒ තනතරැ වලට යෝජනා කරනවා කියලා. කථානායකතුමත් ඒකට එකඟවුණා. වර්තමාන ජනාධිපතිවරයා එවකට අග්‍රමාත්‍යවරයාව සිටියදී මේ සභාවේදීම බොහොම පැහැදිලිව මේ කාරණාව පිළිබඳ එකඟත්වය පළ කළා. නමුත් අද අපිට දැනගන්න ලැබෙනවා මේක වෙනත් ක්‍රමවේදයකින් පත් කරන්න යෙදී තිබෙනවා කියලා. ඒ නිසා කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා කෝප් සහ කෝපා සභාපති ධුර පොරොන්දු වූ ආකාරයට විපක්ෂයට ලබා දෙන්න. යනුවෙන් සඳහන් කළේය.