ඇල්පිටියේ කෝටිපති කුරුදු වයාපාරිකයකු ඝාතනය කළ අයෙකු එම ඝාතනයෙන් වසර හතර කට පසුව ඊයේ (16) රෑ ඇල්පිටිය අටකොහොට පදේශයේදී සැකපිට පශ්න කිරීමට අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු විසින් ඝාතනය කොට ඇත්තේ ඇල්පිටිය අටකොහොට පදිංචි කුරුදු අපනයන කරන සමාගමක් ඇතුළු සමාගම් රැසකම හිමිකරුවෙකුවූ බී.එච්.සෝමතිලක නමැති අයෙකි.
සැකකරු විසින් මේ කෝටිපති වයාපාරිකයා ඝාතනය කොට ඇත්තේ 2019අපේල් මස 28 වැනිදා රාතී 10.45ට පමණ වයාපාරිකයාගේ නිවස ඉදිරිපිටදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය කියයි.
සැකකරු මේ වයාපාරිකයා ඝාතනය කරනුයේ තියුණු පිහියකින් ඇණ බවද එම ඒකකය කියයි. මේ ඝාතනයෙන් පසුව සැකකරු පදේශයෙන් පලා ගොස් රහසිගත දිවියක් ගත කරන බවත් අදාල බල පදේශයේ පොලීසියට මේ ඝාතනයේ සැකකරු සොයා ගැනීමට නොහැකිවූ නිසා මේ සම්බම්ධයෙන් විමර්ශනය කිරීමට තමන්ට පැවරෙන බවත් ඒ අනුව කරන ලද පරීක්ෂණ අනුව මේ වයාපාරිකයාගේ ඝාතනයේ සැකකරු හදුනාගෙන සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් එම ඒකකය කියයි.
සැකකරු වයාපාරිකයා ඝාතනය කිරීමට භාවිතා කළ තියුණු පිහිය වසර හතරකට පසුව ඇල්පිටිය අටකොහොට පදේශයේ ගගක මඩේ ගසා තිබියදී බෝම්බ සොයා ගැනීමට විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහායෙන් සොයා ගැනුනු බවද එම ඒකකය කියයි.
මේ වයාපාරිකයා ලග සැකකරු රැකියාව කර ඇති බවත් ඔහු විසින් කරනු ලැබූ සොරකමක් නිසා වයාපාරිකයා ඔහුව රැකියාවෙන් ඉවත්කිරීමේ පලිය ගෙන ඇත්තේ වයාපාරිකයා ඝාතනය කිරීමෙන් බවද එම ඒකකය කියයි.
සැකකරු වැඩිදුර විමර්ශනය සදහා ඇල්පිටිය පොලීසියට භාරදුන් බවද එම ඒකකය කියයි. ඇල්පිටිය පොලීසිය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තිවේ මනුෂය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ෂණ ඒකකය හා ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත