කෝටි දෙකක මත්කුඩු සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
- 17 05 2020
- 20:47
- {{hitsCtrl.values.hits}} views
- ..
පෑලියගොඩදී රුපියල් කෝටි 2ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි. .
මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 520 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 340 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් අනූ දහසක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත .
පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර අත්අඩංගුවට ගෙන ඇත.
පරවි සුදා සහ ලයියා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලීසියට භාර දී ඇත.
බිමල් ශ්‍යාමන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
