සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් වූ රුපියල් කෝටි දහයක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (31දා) මීගමුව කලපුව අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
එම සැකකරුවන් සමඟ කේරල ගංජා කිලෝ 250ක් පොලිසිය භාරයට ගෙන ඇත ,
ජා ඇල පමුණුගම නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත
මන්නාරමේ සිට බෝට්ටු මගින් මීගමුව කලපුව අසලට ප්‍රවාහනය කර තිබූ මෙම කේරල ගංජා තොගය මෝටර් රථයෙන් බෙදාහැරීම සඳහා යාමට සූදානම් වීමේදී වැටලීම සිදුකළ බව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
කිලෝ දෙකහමාර බැගින් වූ පාර්සල් 110 ක මෙම ගංජා තොගය අඩංගු වී තිබූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 හා 55 අතර පසුවන්නන් ය
පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකය අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය