රුපියල් අට කෝටියක් වටිනා මෙතැම්පටමයින් හෙවත් " අයිස් " මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 09/29 දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොහු රත්මලාන , ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ඕමානයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් 09/29 දින රාත්‍රී 07.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම " අයිස් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 ග්‍රෑම් 994 ක ප්‍රමාණය , පාර්සල් 10 ක් ලෙස සකස් කර , ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ බිස්කට් සහ චොකලට් අඩංගු පෙට්ටි තුළ සූක්ෂම ලෙස සගවා ගෙන තිබුණි.
