කෝටි 7ක රන් බිස්කට් සමග මන්ත්රී අලි සබ්රි කටුනායකදී අත්අඩංගුවට
පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා නීතිවිරෝධී ලෙස රත්රන් බිස්කට් තොගයක් ශ්රී ලංකාවට රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඔහු ඩුබායි සිට අද පෙරවරුවේ ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු රැගෙන ආ ගමන් මල්ලේ හත්කෝටි පනස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් තිබී ඇති බව වාර්තා වෙයි.
මන්ත්රීවරයා දිගු කළක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර කොළඹ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
ශ්රී ලංකා රේගු ඉතිහාසයේ , ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය භාවිතා කර සිදු දෙවන රන් සොරකම මෙය වෙයි. මීට පෙර 1978 දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අනුර ඩැනියෙල් මෙසේ රත්තරන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය හරහා පිට කිරීමට තැත් කිරීමේදී රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
