යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ මාදගල් මුහුදු වෙරල ප්රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 100 ක් දමාගොස් තිබියදී ඊයේ (23දා) රාත්රියේ සොයාගත් බවට යුදහමුදාව පවසයි.
යුදහමුදාවේ 513 වන බලසේනාවේ බුද්ධිඅංශයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් සහ 16 වන ගැමුණු හේවා බලකායේ සෙබලුන් පිරිසක් එක්ව ඊයේ රාත්රියේ මාදගල් මුහුදු තීරයේ සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු බොට්ටුවක් නිරීක්ෂණය වීමෙන් එය පරික්ෂා කොට ඇත.
ජාවාරම් කරුවන් යුදහමුදාව දැක පැමිණි බොට්ටුව දමා පලා ගොස් ඇති අතර පසුව බෝට්ටුව පරික්ෂා කිරීමේදී අදාල කේරල ගංජා හමුීමෙන් අනතුරුව බොට්ටුවද සමගින් කේරල ගංජා අත්අඩංගුවට ගනු ලැබීය.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ජාවාරම් කරුවන් විසින් වෙනත් ප්රදේශයකට රැගෙන යාමට උත්සහ ගෙන ඇති අතර පසුව යුදහමුදාව දැක කේරල ගංජා දාමා පලා යන්නට ඇතැයි යුදහමුදාව පැවසීය.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යුදහමුදාව විසින් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායට භාරදීමට පියවර ගනු ලැබීය.
