රුපියල් කොටි 30 ක පමණ වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ වාලම්පූරියක් සමග පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත මිරිගම ගුවන් හමුදා නිළධාරීන් සමග එක්ව කල වැටලීමකදී විකිණීමට සූදානම්වීමේදී වාලම්පූරිය සමග මාළඹේ අරංගල ප්‍රදේශයේ පදිංචි මූර්ති ශිල්පියෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
වාලම්පූරිය මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකට අයත් එකක් බවත්, මූර්ති කැටයම් ශිල්පියා අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති බවද සදහන් වේ.
ලංකාවටම ආවේනික කොදුඇට පෙල රහිත දුර්ලභ ඝණයේ වදවීගෙන සත්ව විශේෂයකට අයත් වාලම්පූරියක් බවට හදුනාගෙන ඇති බවත් පොලිසිය කීය.
පානදුර සුමිත් පොතුපිටිය
