ලංකා සතොස සමාගම රු.කෝටි 20 වැය කරමින් ස්ථාපිත කර ERP System මගින් එහි ප්රමුඛ අරමුණ වන වැටුප් කළමණාකරණය සහ අය වැය කරණය ඉටු නොවන බව මෑතකදී කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.
මෙම පද්ධතිය පිළිබද ප්රසම්පාදන කාර්යයේ දී ශක්යතාඅධ්යයනයක් පළ කළ යුතුව තිබුණද එවැන්නක් සිදු කර නොමැති බැවින් මෙම ගැටලු මතුවී තිබෙන බවද එම විගණන වාර්තාවේ සදහන් වෙයි. එසේම ගිවිසුමට අනුව කොන්ත්රාත් කරු වෙත ගෙවීම් කිරීමට පෙර ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA)මගින් කළ යුතුව තිබූතාක්ෂණික පරීක්ෂණ විගණනය කළ යුතු දිනය වූ 2024 වර්ෂයේ මැයි මස 7 වන දා වන විටත් කර නොතිබූ බවද එම විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.
ගිවිසුමට අනුව වගකීම් කාලය අවසන් වීමෙන් පසු පද්ධතිය සතොස වෙත පවරා ගත යුතුව තිබුණද එසේ නොකර තිබියදී 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය වන විට පද්ධතියේ නඩත්තුව වෙනුවෙන් තවත් රු.කෝටි 03 ක මුදලක් වැය කර ඇති බවද එම විගණන වාර්තාවෙන් අනාවරනය වෙයි.
චන්දන සමරවික්රම