කෝටි 19 මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් කෝටි 2 ක් වටිනා වාහන තුනක් සොයා ගැනේ
කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 19 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත සිටි සැකකරු ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රුපියල් කෝටි දෙකක් පමණ වටිනා තවත් වාහන තුනක් සෙනසුරාදා (04)සොයා ගැනීමට බියගම පොලීසියට හැකිවී ඇත.
මෙලෙස සොයා ගෙන තිබුණේ සුඛෝපභෝගී බස්රථයක්, හා නවීන පන්නයේ මෝටර් රථ දෙකකි.මෙම වාහන ගනේමුල්ල ප්‍රදේශයේ කුලී ගමන් සදහා වාහන සපයන ආයතනයකට සේවා කටයුතු සදහා යොදවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මෙම වාහන දැනට සැගවී සිටින කෝටි 19 මත්ජාද්රව්ය ජාවාරමේ ප්‍රධාන සැකකරු වන දැනට සැගවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ගේ බිරිඳට අයත් බවට තොරතුරු අනාවරණය වීඇත.
අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටි සැකකරු ගෙන් ප්‍රශ්න කිරීමේදී මින් පෙරද පෙජරෝ වර්ගයේ ජීප් රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදි දෙකක් ද පොලීසිය සොයා ගෙන තිබුණි.
බියගම පොලීසිය විමර්ශන කටයුතු සිදු කරයි.

බියගම පද්මසිරි රණතුංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
