රුපියල් කෝටි 06කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු කිලෝග්රැම් 03ක් මොන්ටරෝ වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ වලහන්දුව බඹරගොඩ හන්දියේ දි ඊයේ (02දා) රාත්‍රි සොයාගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.
මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබු මෝටර් රථය ගාල්ල දෙස සිට පින්නදුව දෙවට අධිවේගි පිවිසුම් මාර්ගය ඔස්සේ ධාවනය කරමින් තිබි ඇත. එම අවස්ථාවේ රථවාහන රාජකාරියේ යෙදි සිටි අක්මිමන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකු විසින් අධිවේගි පිවිසුම් මාර්ගයේ බඹරගොඩ හන්දියේ දි මෙම මොටර් රථය නතරකොට පරික්ෂාකොට ඇත. මෝටර් රථයේ බැගයක් තිබි ඇති අතර එය පොලිස් නිලධාරින් දෙදෙනා විසින් රැගෙන පරික්ෂාකිරිමට යාමේ දි වාහනය පදවාගෙන පැමිණි මත්කුඩු ජාවාරම්කරු පවසා ඇත්තේ මෙය විදේශිකයකුට අයත් බැගයක් බවත් ඔහුට දිම සදහා එය රැගෙන යන බවත්ය. ඒ සමග මත්කුඩු ජාවාරම්කරු පොලිස් නිලධාරියා තල්ලුකොට වාහනය පදවාගෙන ගොස් ඇත.
මෝටර් රථයේ තිබු බෑගය පරික්ෂා කිරිමේ දි මත්කුඩු තොගය එම බෑගය තුළ තිබී හමුවි ඇත. එහෙත් ජාවාරම්කරුගේ රියදුරු බලපත්‍රය හා වාහනයේ ලියකියවිලි පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරු බලපත්‍රයට අනුව මොහු පානදුර ප්‍රදේශයේ පදිංචි27 හැවිරිදි තරුණයකු බවට අනාවරණයකරගෙන ඇත. මෝටර් රථයේ අංකය ව්‍යාජ අංකයක් බවට පරික්ෂණවලදී තහවුරුවි ඇත. මැතකදි ගාල්ල ප්‍රදේශයෙන් සොයාගත් වැඩිම මත්කුඩු තොගය බවද පොලිසිය පවසයි. ජාවාරම්කරු පොලිසිය මගින් හදුනාගෙන ඇති බවත් ඔහු සහ මෝටර්රථය අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ පවත්වන බවත් ගාල්ල කොට්ඨාශභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසයි. පොලිස් අධිකාරි සනත් අමරසිංහ,අක්මිමන පොලිස් ස්ථානාධිපති මදුරංග අරුමප්පෙරුම යන මහත්වරුන්ගේ උපදෙස්මතපො. සැ. 64241 නලින්, පො. කො. 64767 ආනන්ද යන නිලධාරින් විසින් මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගන්නාලදී.
හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්
