විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.10.11 වන දින කැළණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද GOLD MOUNT වර්ගයේ දුම්වැටි 6800 ක් සමග වත්තල හුණුපිටිය ප්රදේශයේ පදිංචි වයස අවු. 21 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව කැලණිය, ගෝනවල, කොහොල්විල මාර්ගයේ නිවසක් සෝදිසි කිරීමකට ලක් කර නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද PLATINUM වර්ගයේ දුම්වැටි 219000 ක් හා MANCHESTER වර්ගයේ දුම්වැටි 38400 ක් සමග එම නිවසේ පදිංචි වයස අවු. 48 ක පුද්ගලයෙකු පැය 1900 ට අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව රුපියල් කෝටි 02 කට ආසන්න වටිනාකමකින් යුත් රජයේ අවවාදය සටහන් කර නොමැති නීති විරෝධී දුම්වැටි 264200 ක් සමග සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැලණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.