කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. ඒ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
කොළඹ දිස්ත්‍රික්කය තුළ වසර 40කට වඩා පැරණි මහල් නිවාස ව්‍යාපෘති 45ක් පවතින බවත් ඒවායේ ආසන්න වශයෙන් නිවාස 10,000ක් පමණ පවතින බවත් එම නිලධාරීහු කාරක සභාවට පැවසුහ.
ඒ අනුව එම නිවාස සංකීර්ණවල සිදු කිරීමට නියමිත, ප්‍රතිසංවර්ධන ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි වර්තමාන පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ද ඇතුළුව වාර්තාවක් ,මාසයක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු වලට අදාළ නිවාස සංකීර්ණවල ගොඩනැගිලි වල වර්තමාන තත්ත්වය පිළිබඳව තාක්ෂණික හා තක්සේරු වාර්තා ලබාගන්නා බවත්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ මෙම ප්‍රති සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. ඒ අනුව මේ පිළිබඳව ද සියලු තොරතුරු ඇතුලත් පුර්ණ වර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
තවද 2015 සහ 2019 වසරවලදී ආරම්භ කර විවිධ හේතූන් මත අතහැර දැමූ නිවාස 45,000ක් පවතින බවත්, මේවා වසර තුනක් තුළ වැඩ නිම කිරීම සඳහා ද සැළැස්මක් සකස් කර ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.
මෙහිදී සහාධිපත්‍ය නිවාස සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරුණ අතර, මෙම අංශයේ ආයෝජන සිදු කිරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව නිලධාරීහු කාරක සභාවේ අවධානය යොමු කළහ. ඒ අනුව මෙම ගැටලු විසඳීමට සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපත්‍ර කඩිනමින් ලබා ගැනීමට, එක් එක් අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම උදෙසා, නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් සඳහා යෝජනාවක් ඉදිරිපත්කරන ලෙස කාරක සභා සභාපතිවරයා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.
මේ අතර, නාගරික සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන ලද ‘One Stop Shop’ ව්‍යාපෘතිය රටේ අනෙකුත් ප්රදේශවලටද ව්‍යාප්ත කිරීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභාව නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී