කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා (04) දින පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12කකාලයක් ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ඒ අනුව දෙහිවල , ගල්කිස්ස, රත්මලාන . මොරටුව , රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරේ.
විදුලිබල සැපයුම් පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය අත්හිටුවීම ජල සැපයුම විසන්ධ කිරීමෙ හේතු බව එම මණ්ඩලය පෙන්වා දේ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර 1939 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.