කොළඹ - නානුඔය දුම්රිය ධාවනයෙන් ඉවත් කරයි
නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට නානුඔය දක්වා දිනපතා ධාවනය වන 1023 සහ 1024 යන දුම්රියන් ජුලි (01) දින සිට ධාවනයෙන් ඉවත් කිරිමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත.
නානුඔය දුම්රිය ස්ථානයෙන් දිනපතා උදැසන 6.00 (1023) ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 1.30 ට කොළඹ කොටුවට ළගා වන අතර , එදින 12.40 (1024) දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර රාත්රි 9.20 ට නානුඔය දුම්රිය ස්ථානයට ළගා වනු ඇත.
එම දුම්රියන් දෙකෙන් නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන අතර, ආපසු එම දුම්රියෙන් කොළඹ යාමට විශාල පිරිසක් පුරුදු වි සිටි බවත්, සංචාරකයන්ට අමතරව පාසල් ළමුන් , රාජ්යළ සේවකයන් එම දුම්රියෙන් ගමන් කරන බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
තලවකැලේ සිට නානුඔය දක්වා ඇති සැම දුම්රිය ස්ථාන අවට කිසිදු පොදු ප්රනවාහන සේවයක් ධාවනය නොවන නිසා එම දුම්රියෙන් වටගොඩ , ග්රේවට් වෙස්ටර්න් , රදැල්ල යන දුම්රිය ස්ථාන වලට යාම සහ ඒමට විශාල පිරිසක් පුරුදු වි සිටි බවයි දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.
1023 සහ 1024 දුම්රියන් දෙක ධාවනයෙන් ඉවත් කර එම වේලාවට මැදිරි දෙකක් සහිත භාණ්ඩ ප්රහවාහන දුම්රියන් දෙකක් ජුලි (01) දින සිට ධාවනයට එක් කර ඇති අතර , එම දුම්රියෙන් ගමන් ගත් මගින් කියා සිටින්නේ 1023 සහ 1024 දුම්රියන් ධාවනයෙන් ඉවත් නොකරන ලෙසයි.

popular news
-
Kumar Monday, 27 June 2022 12:08 AM
These railway buggers are crazy. 1023 and 1024 are profit making trains
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

