මහියංගනය පොලීසියේ සේවයකරන පොලිස් කොස්තාපල්වරයෙකු තම යතුරුපැදිය බිබිල ප්රදේශයේ මිතුරෙකුගේ නිවස ඉදිරිපිට නතරකොට තිබියදී කිසියම් අයෙකු විසින් ඉකුත් (23දා) වෙනිදා එය සොරාගෙන ගොස් ඇත.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බිබිල පොලීසිය බුත්තල යුදඟනාව පන්සල පාර නිවසක තිබී යතුරුපැදිය සොයාගෙන ඇති අතර සොරකම්කළ පුද්ගලයාද අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු 27 වෙනි වියෙහි පසුවන බුත්තල යුදඟනාවපාර වැලිමඩයාය පදිංචි අයෙකි.
සැකකරු සහ යතුරුපැදිය බිබිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක