තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්රදේශයේදී පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කර ඔහුගේ සොහොයුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනකු මාර්තු මස 4 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට තංගල්ල මහේස්ත්රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්රාත් රංජිත් ගුණසේකර මහතා අද (19දා) නියෝග කළේය.
තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්රදේශයේදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු සහ එක් සැකකාරියක් තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින තංගල්ල වැඩබලන මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කෙරිණි. එම සැකකරුවන් සිවුදෙනා මාර්තු මස 4වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමටත් 1,2 සහ 3 වැනි සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමටත් වැඩබලන මහේස්ත්රාත් රංජිත් ගුණසේකර මහතා නියෝග කළේය.