බණ්ධනාගාරයේ රදවා සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොස්තා නැමැත්තාගේ මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මොරටුව කොරලවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
හොරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් සන්තකයේ තබාගෙන සිටි මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන පුද්ගලයකු ජංගම දුරකථනයක් සහ ඩිජිටල් තරාදියක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.