විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ කෝටි තුනක් පමණ වටිනා කොස්ගොඩ වෙලංගොඩ පිහිටි හෝප් මහතාගේ ඉඩම නැමති අක්කර දොළහක දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශණ කොට්ඨාසය අද (20)පියවර ගත්තේය. ඉඩම සාරවත් කෘෂිකර්මික වගාවලින් සහ සත්ව පාලන කර්මාන්තයෙන් යුක්ත එකක්ය.
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ජගමුණි සුජිත් ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී නැමැති අයට අයත් දේපළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මූල්‍ය අපරාධ දිසාව කරන ලද විමර්ශනයකදී දේපළ පිළිබඳව තොරතුරු ලබා ගැනීමෙන් පසු අධිකරණ අවසරය ඇතිව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් මේ දේපොළ තහනම් කරන ලදි.
