කොවිඩ් රෝගීන් වෙනුවෙන් තවත් ඇත්තේ ඇඳන් 253යි
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල් 12ක් තුළ ඇඳන් ධාරිතාවයෙන් තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
රෝහල් 12ක් තුළ ඇඳන් 1581ක් කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් වෙනකර ඇති අතර මේ වන විට එයින් ඇඳන් 1328ක් සම්පූර්ණ වී තිබේ.
මෙම රෝහල් 12 අතරින් වැඩිම ඇඳන් සංඛ්‍යාවක් ඇති රෝහල වන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහලයි. එහි ඇඳන් 400ක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති අතර එයින් 157කම මේ වන විට රෝගීන් ඇතුළත් කර තිබේ.
කොළඹ අයි.ඩී.එච් රෝහල තුළ ඇඳන් 120ක් වෙන්කර තිබුණත් එහි ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් 160ක් ඇතුළත් කර තිබේ.
ඒ අනුව තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණි. කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වසංත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඇඳන් සංඛ්‍යාව 3000 සීමාව දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවයි.

popular news
-
Nuwan Monday, 12 October 2020 10:10 AM
Thawamat curfew dawas 14 k wat dala meka control karan natte ay.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

