කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා ඊයේ (20දා) දිනය වනවිට මෙරට තුළ කෝවිඩ් පරීක්ෂණ 6,007,118ක් සිදුකර තිබෙන අතර, කෝවිඩ් එන්නතේ පළමු මාත්රාව පුද්ගලයන් 16,294,449දෙනෙකුට ලබාදී තිබේ.
කෝවිඩ් රෝගීන් වාර්තා වන රටවල් හා දූපත් 224 සැලකීමේ ශ්රී ලංකාව 66වැනි ස්ථානයේ පසුවන අතර, දෛනිකව සිදුකරන කෝවිඩ් පරීක්ෂණ ප්රමාණය 12,000කට අධික වේ.
කෝව්ඩ් එන්නත ලබාදීම යටතේ දෙවැනි මාත්රාව පුද්ගලයන් 13,878,734කට ලබාදී තිබෙන අතර, තුන්වැනි මාත්රාව පුද්ගලයන් 4,829,720ක් ලබාදී තිබේ.
ගෙවී ගිය සමස්ත කාලය තුළදී විදේශගතව සිට මෙරට පැමිණි ශ්රී ලාංකිකයන්ගෙන් 7,120කට කෝවිඩ් රෝගය ආසාදනය වී තිබෙන බවට සොයාගෙන තිබෙන අතර, මේ රටට පැමිණි විදේශිකයන් 328කට කෝවිඩ් ආසාදනය වී තිබෙන බවට සොයාගෙන ඇත.