කොවිඩ් මර්ධන කාර්යසාධන සමාලෝචන කමිටුව රැස්වේ
කොරෝනා (කොවිඩ් 19) වෛරසය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (22දා) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.
මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.
මෙහිදී නව රෝගීන් හදුනා ගැනීම සදහා කරනු ලබන පරීක්ෂණ ක්‍රම පිළිබදව, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග වෛරස් ව්‍යාප්තිය, වෛද්‍ය උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීම පිළිබදව හා රෝහල් සත්කාර සේවා කටයුතු අඛන්ඩව පවත්වා ගෙන යාම වැනි කාරණා පිළිබදව විශේෂයෙන් සාකච්චා කෙරිණි.
ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග ජනජීවිතය ක්‍රියාත්මක කිරීම පිළිබදව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධක්ෂවරු/ පලාත් සෞඛ්‍ය සේවා අධක්ෂවරු/ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් හරහා නිසි සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමටත්, රෝහල් සත්කාර සේවා අඛන්ඩව පවත්වා ගෙන යාම පිළිබදවත්, සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් වලට අනූව ප්‍රවාහන අංශය ක්‍රියාත්මක කිරිමටත්, නව ආසාදිතයන් හදුනා ගැනීම සදහා පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය වන වෙද්‍ය උපකරණ හා උපාංග හිගයකින් තොරව පවත්වාගෙන යාම වැනි කාරනා වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුවේ නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.


popular news
-
කෙනත් Sunday, 31 May 2020 11:39 AM
කොවිඩ් කමිටුව විසින් "යුතුකම " ප්රචාරක කටයුතු u tube හරහා ද ඉදිරිපත් කරන්න. ස්තුතියි ඔබට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

