කොවිඩ් එන්නතින් අතුරු ආබාධ කියා සාක්ෂි හමුවී නෑ
කෝවිඩ් මර්දන එන්නත හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට කිසිදු සාක්ෂියක් මෑත කාලයේදී වාර්තා නොවූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරනබව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (21දා) පැවැති කෝවිඩ් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ එන්නත හේතුවෙන් අතුරු ආබාධ ඇති වන බවට පළවන සමාජ මාධ්‍ය පුවත් සත්‍ය වූයේනම් දිවයින පුරා රෝහල් කෝවිඩ් රෝගීන්ගෙන් නොව අතුරු ආබාධ සහිත පුද්ගලයන්ගෙන් පිරී යනු ඇති බවයි.
ඒ අනුව එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කඩිනමින් තමන්ට හිමි කෝවිඩ් එන්නත් මාත්‍රාව සහ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්යවරයාජනතාවගෙන් ඉල්ලා සිටියේය.
හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට තුළකෝවිඩ් තත්ත්වය මේ වනවිටද සාධනීය මට්ටමක පවතින නමුත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රතිශතය මත අදාළ සාධනීය තත්ත්වය ඉදිරියටත් රඳා පවතින්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කෙරෙනු ඇති බවයි.
popular news
-
Kumar Monday, 21 February 2022 05:13 PM
lankawe sitina apey naanaga eka payak pananathiwa giyalu. pfizer dewani ennathen pasu mata pauwe waydanwak danenna patangaththa. nirdesha kala saama pricshanwali pasu maga hardaye kisima awahirayak nathibawa kiwwa. thawama waydhanawa thibenaw. Anamuth mama thunveni ennathath labgenayi thibenne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

