කොවිඩ් 19ට භාවිත කළ හැකි එන්නතක් පිළිබඳව චීන පරීක්ෂණ සාර්ථකයි
- 17 03 2020
- 14:25
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 වෛරසට එරෙහිව භාවිත කළ එන්නතක් පිළිබඳව චීනය සිදුකළ පර්යේෂණ වල ප්‍රගතියක් ලබා ඇති බව චීනයේ ෂැංහායි නාගරික විද්‍යා හා තාක්ෂණ කොමිෂම සඳහන් කරයි.
එහි අධ්යක්ෂ සැන්ග් කුආන් සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ පිළිබඳව වන සායනික අත්හදා බැලීම් අප්‍රේල් මස මැද භාගයේදී සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම කොවිඩ් 19ට භාවිත කළ හැකි තවත් එන්නතක් මේ වන විට මීයන් යොදාගනිමින් පරීක්ෂා කර ඇති අතර එයද ප්‍රගතියක් ලබාගෙන තිබේ.
වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි රසායනික සංයෝග සෙවීම සඳහා විද්‍යාඥයින් මිලියන 1.78 ක් පමණ පරීක්ෂණ පවත්වා ඇති බව ඔහු පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
