(UPDATE) කොලොන්නාව 132 KV විදුලි උපපොළේ කේබල් පිපිරීමක් සහ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය ඇණහිටීම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
කොලොන්නාව 132 KV විදුලි උපපොළේ කේබල් පිපිරීමක් සහ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය ඇණහිටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. මේ වන විට කොළඹ 4, 5 සහ 7 ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.