කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල අද (04) අලුයම වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මහල් නිවාස සංකීර්ණයයේ උඩු මහලක සිටි පුද්ගලයෙක් එළිමහනේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ඉලක්ක කර මෙලෙස වෙඩි තබා තිබුණ අතර වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.