තඹුත්තේගමදී පසුගිය දා බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට සැරයන්වරයා සමත් විය.
ඔහු විසින් කළ නිර්භීත ක්‍රියාව අගයමින් පදක්කමක් සහ රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.